පෙරදී, කුවේට් වෙත ගමන් කිරීම ප්‍රධාන වශයෙන් Civil ID හිමියන්ට පමණක් සීමා වී තිබුණි. නමුත්, නවතම ගුවන් සේවා යාවත්කාලීනය අනුව, දැන් එම නීති වෙනස් වී ඇත.
සුභ ප්‍රවෘතිය නම්,
දැන් සියලුම වීසා වර්ග සඳහා කුවේට් වෙත ගමන් කළ හැකිය, එනම්:
- වලංගු කුවේට් පදිංචි බලපත්‍ර (Residence Permit) හිමියන්
- සංචාරක වීසා (Visit Visa) හිමියන්
- පවුල් වීසා (Family Visa) හිමියන්
- රැකියා වීසා (Work Visa) හිමියන්

වැදගත් අවශ්‍යතාවන්,
ගමන්කරුවන් සතුව අවම වශයෙන් මාස 6ක වලංගුතාවයක් ඇති පාස්පෝට් එකක් තිබිය යුතුය.
එසේම, අවම වශයෙන් දින 10කට වඩා වලංගු වීසා එකක් තිබිය යුතුය.
දම්මාම් (DMM) හරහා Transit තොරතුරු
King Fahd International Airport (Dammam) හරහා ගමන් කරන මගීන් සඳහා transit visa නීති අදාළ වේ. අවශ්‍ය සුදුසුකම් සපුරන සහ තව දින 10කට වැඩි වලංගු වීසා ඇති මගීන්ට Dammam Transit Visa on Arrival ලබා ගත හැකිය.

මාර්ග තොරතුරු (නැවත පැමිණීම – Kuwait සිට Colombo දක්වා Dammam හරහා)
- පිටත්වීම: Kuwait – Mishref T8 Bus Station
- මැද නවතා ගමන් කිරීම: Dammam Airport
- අවසන් ගමනාන්තය: Colombo

ආපසු පැමිණෙන මගීන්ට, වලංගු වීසා එකක් තිබේ නම්, Dammam හිදී transit visa on arrival ලබා ගත හැකිය.
Exit passengers සඳහා Dammam Airport හි transit visa on arrival ලබා නොදේ.
ඔවුන් පිටත්වීමට පෙර transit visa එකක් ලබා ගත යුතුය, නැතහොත් Saudi Arabia හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලිපියක් රැගෙන යා යුතුය.

